Health short notes grade 10, O/L Health short note

 01  සෞඛ්‍යවත් සමාජයක් ගොඩ නගමු   - Health short note

  • සෞඛ්‍යවත් සමාජයක් - රෝග හා දුබලතා අඩු, කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයන් බහුල සමාජයකි.

  • පූර්ණ සෞඛ්‍යය - රෝග හෝ දුබලතා නැති වීම පමණක් නොව කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම ඇති බවයි (ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව).

  • පූර්ණ සෞඛ්‍යය පවත්වා ගැනීමට බලපාන සාධක - සෞඛ්‍ය සේවා, භෞතික පරිසරය, සමාජීය සහ ආර්ථික වටපිටාව, ජාන සංයුතිය, පුද්ගලයාගේ චර්යාවන්.
  • පූර්ණ සෞඛ්‍යය පවත්වා ගැනීමට සුදුසු ජීවන රටා:
    1. නිවැරදි ආහාර පුරුදු
    2. ක්‍රියාකාරී පැවැත්ම හා ව්‍යායාම
    3. නිසි ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම
    4. ප්‍රමාණවත් නින්ද හා විවේකය
    5. සරල දිවි පැවැත්ම
    6. ආතතිය කළමනාකරණය
    7. මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටිවලින් වැළකීම
    8. සමාජ සම්මත සහ නීති රීති පිළිපැදීම

  • පූර්ණ සෞඛ්‍යය පවත්වා ගැනීමට ඇති අභියෝග - ආර්ථිකය සහ අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය සේවා සහ රෝග, යුධමය තත්වයන්/අවතැන් වීම්, තරගකාරී ජීවන රටාව හා අන්තර්පුද්ගල සබඳතා, තාක්‍ෂණ දියුණුව, මාධ්‍ය බලපෑම සහ විශ්ව ගම්මාන සංකල්පය, සංචාරක ව්‍යාපාරයේ බලපෑම්, ජනගහන ඝනත්වය.
  • පූර්ණ සෞඛ්‍යය පවත්වා ගැනීමට ඇති අභියෝග ජය ගැනීම:
    • ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම.
    • සෞඛ්‍ය සේවයේ නිවාරණය සහ ප්‍රතිකාර යන අංශ දෙක ම ශක්තිමත් කිරීම.
    • ගැටලු හඳුනා ගෙන සෞඛ්‍ය අධ්‍යාපනය මගින් ජනතාව දැනුම්වත් කිරීම.
    • ජනතාවගේ ආර්ථීක තත්වය ඉහළ නැංවීම.
    • ජන ඝනත්වය වැඩි වීම සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳ විධිමත් අධ්‍යයනයන් සිදු කර විසඳුම් සෙවීම.
    • සංචාරක ව්‍යාපාරය බහුල ප්‍රදේශවල දැනුම්වත් කිරීමේ වැඩ සටහන්.
    • අවතැන් වු ජනතාවගේ ශුභසාධන මට්ටම ඉහළ නැංවීම.
    • පූර්ණ සෞඛ්‍යය පවත්වා ගැනීමට වැදගත් රාජ්‍ය ප්‍රතිපත්ති හා සැළසුම් ඇති කිරීම.


02 ළමා වියේ සංවර්ධනය පිළිබඳ දැනුවත් වෙමු 

  • ළමා වියේ ප්‍රධාන අවධි:
    1. පූර්ව ප්‍රසව අවධිය (Prenatal stage) - මව්කුස තුළ සිටින අවධිය
    2. නවජ අවධිය (Neonatal stage) - උපතේ සිට දින 28 දක්වා අවධිය
    3. ළදරු අවධිය (Infant stage) - පළමු මාසයේ සිට වයස මාස 12 දක්වා අවධිය
    4. පෙර ළමා විය (Early childhood) - වයස අවුරුදු 1 ත් අවුරුදු 5 ත් අතර අවධිය
    5. පසු ළමා විය (Late childhood) - වයස අවුරුදු 6 ත් අවුරුදු 10 ත් අතර අවධිය
  • මවක වීමට පෙර දැනගත යුතු කරුණු:
    • විවාහයට අවුරුදු 18 සම්පූර්ණ වීම.
    • නෑදෑ විවාහ මගින් ප්‍රවේණික රෝග (තැලසීමියාව වැනි) දරුවන්ට උරුම විය හැකි බැවින් සැලසුම් සහගත වීම වැදගත්ය.
    • දරුවකු බලාපොරොත්තු වන කාලයේ සිට ෆෝලික් අම්ලය ගැනීම.
    • ගැබ් ගැනීමට මාස තුනකට පෙර රුබෙල්ලා හෝ MMR එන්නත ලබා ගැනීම (අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ලබාගෙන නොමැතිනම්).
    • වෛද්‍ය උපදෙස් මත සැලසුම් සහගත ගැබ් ගැනීම.
  • පූර්ව ප්‍රසව අවධියේ (මව් කුස තුළ) අවශ්‍යතා:
    • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැනුම් දීම සහ සායනවලට සහභාගී වීම.
    • සමබර පෝෂණය: මෙය දරුවාගේ වර්ධනයට සෘජුව බලපාන අතර, පෝෂණය අඩු වුවහොත් අඩු බර දරු උපත්, ප්‍රතිශක්තිය හීන වීම, මන්දබුද්ධිකභාවය වැනි ඌනතා ඇති විය හැක.
    • මව සතුටින් හා සැහැල්ලු මනසකින් සිටීම: මෙය දරුවාගේ මොළයේ සංවර්ධනයට බලපාන අතර පවුලේ සහයෝගය වැදගත් වේ.
  • නවජ අවධියේ (උපතේ සිට දින 28) අවශ්‍යතා:
    • කායික: අවශ්‍ය සෑම විටම මව්කිරි ලබා දීම (ශාරීරික වර්ධනයට හා ප්‍රතිශක්තියට), නිසි නින්ද හා විවේකය, සීතලෙන්/උණුසුමෙන් ආරක්ෂා කිරීම, කායික අනතුරුවලින් ආරක්ෂා කිරීම, විෂබීජවලින් ආරක්ෂා කිරීම.
    • මනෝ සමාජීය: සෙනෙහස හා ආදරය ලබා දීම (මව්කිරි දෙන විට තුරුලු කර ගැනීම), මානසික වර්ධනයට උත්තේජන ලබා දීම (කථා කිරීම, ගී කීම, ශබ්ද නගන භාණ්ඩ ඇසෙන්නට තැබීම), හොඳින් ආලෝකය ලැබෙන කාමරයක තැබීම, ප්‍රතිචාර දක්වන විට විමසිලිමත් වීම.
    • මව්කිරිවල වැදගත්කම: මාස 6ක් වන තුරු අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ හා ජලය ලබා දේ, කොලොස්ට්‍රම් මගින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි, පිරිසිදුයි සහ අවශ්‍ය උෂ්ණත්වයේ පවතී, දරුවාට අවශ්‍ය සැණින් දිය හැක, මව හා දරුවා අතර බැඳීම වැඩි දියුණු කරයි, ස්ථුලතාව වැනි පසුකාලීන රෝග වළක්වයි, බුද්ධිය හා මානසික වර්ධනය වැඩි කරයි, ආසාත්මිකතා අඩු කරයි.
  • ළදරු අවධියේ (මාස 1 සිට මාස 12) අවශ්‍යතා:
    • මවගේ පෝෂණය: මව ද විටමින් ඩී සහ කැල්සියම් බහුල පෝෂ්‍යදායි ආහාර ගත යුතුයි.
    • කායික: පළමු මාස 6 මව්කිරි පමණක් දීම, මාස 6 සම්පූර්ණ වූ විට අමතර ආහාර ලබා දීම (වර්ධනය අඩු නම් හෝ මව රැකියාවේ නිරත නම් මාස 4 සිට දිය හැක), පළමු වසර තුළ ලුණු හා සීනි දීමෙන් වැළකීම, නිසි වර්ධනය සොයා බැලීමට බර/උස මැන වර්ධන සටහනේ සටහන් කිරීම, අවශ්‍ය එන්නත් නිසි පරිදි ලබා දීම, විෂබීජවලට නිරාවරණය වීම අවම කිරීම, හදිසි අනතුරුවලින් ආරක්ෂා කිරීම.
    • මනෝ සමාජීය: ආදරයෙන් පිරි සාමකාමී පරිසරයක් ඇති කිරීම, මව, පියා ඇතුළු පවුලේ අය ආදරය ප්‍රකාශ කිරීම, මානසික වර්ධනයට උත්තේජන ලබා දීම (වර්ණ සෙල්ලම් බඩු, පින්තූර පෙන්වීම, කතා කිරීම, ගී කීම), මව සතුටින් සිටීම වැදගත්ය.
  • පෙර ළමා වියේ (අවු.1 සිට 5) අවශ්‍යතා:
    • කායික: දිනකට ආහාර වේල් පහක් ලබා දීම (ප්‍රධාන වේල් 3 සහ කෙටි වේල් 2), පෝෂ්‍ය ගුණයෙන් උසස් ආහාර ලබා දීම, මාස තුනකට වරක් උස/බර මැන වර්ධන සටහනේ ලකුණු කිරීම, බෝවන රෝගවලින් ආරක්ෂා වීමට එන්නත් ලබා දීම, හදිසි අනතුරුවලින් ආරක්ෂා කිරීම, මූලික පෞද්ගලික සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීම.
    • මනෝ සමාජීය: ආදරය සහ සෙනෙහස දැක්වීම, පරිසරය ගවේෂණයට හා අදහස් ප්‍රකාශනයට ඉඩ ලබා දීම, තම හැකියාවන් ප්‍රකාශනයට ඉඩ දීම, සීමාවන් පිළිබඳ අවබෝධය හා හැඟීම් පාලනයට උදව් කිරීම, නිවැරදි ගති සිරිත් හුරු පුරුදු කිරීම, අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනැගීමට උදව් කිරීම, චාලක හැකියාව සංවර්ධනයට උදව් කිරීම.
  • පසු ළමා වියේ (අවු.6 සිට අවු.10) අවශ්‍යතා:
    • කායික: සමබල ආහාර වේලක් ලබා දීම, මාස 4කට වරක් උස හා බර මැන ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, හදිසි අනතුරු හඳුනා ගැනීමට සහ වළක්වා ගැනීමට දැනුම/කුසලතා ලබා දීම, තමාට හානි කළ හැකි පුද්ගලයන් හා අවස්ථා පිළිබඳ ව දැනුම්වත් කිරීම, පරිසරයේ පුද්ගලයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අනිසි බලපෑම් පිළිබඳ ව දැනුවත් කිරීම.
    • මනෝ සමාජීය: ආදරය හා සෙනෙහස ලබා දීම, දරුවා සමග කතාබහ කිරීම, පෞද්ගලික සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පුරුදු පිළිබඳ අවබෝධය ලබා දීම, යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කුසලතා ලබා දීම, අත්දැකීම් මගින් ඉගෙනුම් අවස්ථා සැලසීම (පරිසරය ගවේෂණයට අවස්ථා ලබා දීම), ඇගයීම් මගින් ආත්මාභිමානය දියුණු කිරීම, විනෝදාංශ කෙරෙහි යොමු කිරීම, කණ්ඩායම් ක්‍රීඩාවලින් මනෝ සමාජීය කුසලතා වැඩි දියුණු කිරීම.

03 නිවැරදි ඉරියව් පවත්වා ගනිමු

  • නිවැරදි ඉරියව්වල වැදගත්කම:
    • ශරීරයෙන් වැය වන ශක්තිය අවම වේ.
    • සන්ධි, පේශි, හා අනෙකුත් කොටස්වලට දැනෙන පීඩනය අවම වේ.
    • කඩවසම් පෙනුමක් හා සැහැල්ලු බවක් ලැබේ.
    • ජීව යාන්ත්‍ර විද්‍යාත්මක නියමයන්ට අනුව පවත්වා ගත යුතුයි.
  • ඉරියව් සඳහා බලපාන ජීව යාන්ත්‍ර මූලධර්ම:
    1. ගුරුත්ව කේන්ද්‍රය (Center of gravity).
    2. සමබරතාව (Balance).
  • ගුරුත්ව කේන්ද්‍රය:
    • ඕනෑ ම වස්තුවක හෝ මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යය.
    • පුද්ගල ශාරීරික ඉරියව් අනුව පිහිටීම තාවකාලික ව වෙනස් වේ.
    • දෙඅත් දෙපසින් පහළට හෙළා ඍජු ව සිටගෙන සිටින විට ගුරුත්ව කේන්ද්‍රය පාදවල සිට උසින් 56% ක් පමණ ඉහළින් පිහිටයි.
  • සමබරතාව:
    • වස්තුවක් මත ක්‍රියා කරන සියලු බලවල සම්ප්‍රයුක්තය ශුන්‍ය නම් එම වස්තුව නිශ්චලව හෝ සමබර ව පවතී.
  • සමබරතාව පවත්වා ගැනීමට ඉවහල් වන සාධක:
    1. ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටීම (ගුරුත්ව රේඛාව = ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස් ව යන රේඛාව).
    2. ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක පැවතීම.
    3. ආධාරක පතුල විශාල වීම.
    4. ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීම.
    5. බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කිරීම.
  • ස්ථිතික ඉරියව්වලදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම:
    • සිටගෙන සිටීම:
      • ඍජු කාය විලාසයක් පවත්වා ගැනීම.
      • පාද උරහිසේ මට්ටමට ඈත් කර තබා ගැනීම (ආධාරක පතුල විශාල කර ගැනීම).
      • වැඩ කරන තලය වැළමිට මට්ටමේ පවත්වා ගැනීම.
    • වාඩි වීම:
      • කොන්ද ඍජු ව තබා ගැනීම.
      • උකුල, දණහිස් හා වළලුකර 90°ක් පමණ නවා සිටීම.
      • පාද පතුල් සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වීම.
      • නිවැරදි ලෙස සැකසූ පුටුවක් භාවිත කිරීම.
      • දිගු වේලාවක් වාඩි වී සිටින්නේ නම් වරින් වර නැගිටීම හා ඇවිදීම.
    • වැතිරීම:
      • උඩුකුරු ව හෝ වම් හෝ දකුණු ඇලයට වැතිරීම වඩා නිවැරදියි.
      • වැතිරෙන පෘෂ්ඨය තිරස්, සමතලා, එතරම් මෘදු නොවන, කොඳු ඇට පෙළට හා පේශීවලට ආබාධ නොවන තලයක් විය යුතුයි.
      • කොඳු ඇට පෙළෙහි වක්‍රයට හා පේශීවලට හානියක් නොවන සේ වැතිරීම.
  • ගතික ඉරියව්:
    • ඇවිදීමේ දී හා දිවීමේ දී අත් හා පාද ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය කිරීම මගින් සමබරතාව රැක ගනී.
    • නිවැරදි ඉරියව් පවත්වා නොගතහොත් සන්ධි, පේශි, කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇති විය හැකි ය.





Powered by Blogger.